🔰

🔰
~~සබ්බ දානං ධම්ම දානං ජිනාති~~

ත්‍රිපිටකය

විනය පිටකය

විනය පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූ සහ භික්ෂුණී සංඝයා වෙත දේශනා කරන ලද සංවර ශීල දේශනා යි. එම දේශනා ප්‍රධාන කොටස් පහකට බෙදා වෙන්කර ඇත. ඒවා නම්, පාරාජිකා පාළි, පාචිත්ති පාළි, මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි සහ පරිවාර පාළි යනාදිය යි

සූත්‍ර පිටකය

සූත්‍ර පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය යි. සුත්‍ර දේශනා දාහත් දාහකට වඩා මෙහි අන්තර්ගතය. එය ප්‍රධාන කොටස් (නිකාය) පහකින් සමන්විතය. ඒවා නම්, දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ ඛුද්දක නිකාය යනාදිය යි.




අභිධර්ම පිටකය

අසූ හාරදහසක් වන ශ්‍රී සද්ධර්මයෙන් ධර්මස්කන්ධ හතලිස් දෙදාහක්ම අයත් වන්නේ අභිධර්ම පිටකයටයි. මෙහි අන්තර්ගත වනුයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කල ශ්‍රී සද්ධර්මයෙහි ගැඹුරු දහම් කොටස් ය. එම දේශනා ප්‍රධාන කොටස් හතකට බෙදා වෙන්කර ඇත. ඒවා නම්, ධම්‌මසඞ්‌ගණී ප්‍රකරණය, විභඞ්‌ග ප්‍රකරණය, ධාතුකථා ප්‍රකරණය, පුග්‌ගලපඤ්‌ඤත්‌ති ප්‍රකරණය, කථාවත්‌ථු ප්‍රකරණය, යමක ප්‍රකරණය සහ පට්‌ඨාන ප්‍රකරණය යනාදිය යි.

No comments:

Post a Comment